Tuesday, October 30, 2018

ජංගම දුරකථනයේ ආරම්භය

ඉස්සර තිබුනේ නැති දැන් නැතුව බැරි ජංගම දුරකථන.

බොහෝ කලකට පෙර මුල්ම ජංගම දුරකථන "කාර් දුරකථන" ලෙස සැලකේ. මක් නිසාද යත් එම ජංගම දුරකථන පදධතියේ විශාලත්වය අතේ හෝ පසුම්බියක රදාවා තබා ගැනීමට  හැකි මට්ටමට වඩා වැඩි වූ බැවිනි.

1922 දී චිකාගෝ පොලිස් නිලධාරීන් ජංගම කාර් රේඩියෝ පද්ධතියක් ආදාරයෙන් පනිවිඩ හුවමාරු කරගෙන ඇත. මෙය සංකල්පීය ජංගම පනිවිඩ හුවමාරුවක් ලෙස හැදින්විය හැක.



කාර් ෆෝන් සංකල්පයෙන් ඔබ්බට ගොස් අතේ රැගෙන යා හැකි අන්දමට දුරකථනයක් නිශ්පාදනයට 1970 දී ඇමරිකානු ඉන්ජිනේරුවකු වන මාටින් කූපර් සමත් වන අතර කාලයාගේ ඇවෑමෙන් 1983 දී මෝටරෝලා ඩයිනාටැක් 8000x ( Motorola DynaTAC 8000x) වෙළඳපලට නිකුත් කරනු ලැබීය. එය ලෝක ඉතිහාසය තුල වෙලද පලට අතේ ගෙනයා හැකි දුරකථනයක් නිකුත් වූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාස ගත වේ.















                    Martin Cooper                             Motorola DynaTAC                                                                   8000x




Monday, October 29, 2018

ලෝකයේ පුළුල් ලෙස පිළිපදින ආගම්


ලෝකයේ පුළුල් ලෙස පිළිපදින ආගම් මොනවද?

ලෝකයේ ආගම් 4,300 කට වඩා තිබෙන බව ඔබ දන්නවාද?





ආගමක් යනු ජනතාව සමූහයක් විසින් සාමාන්‍යයෙන් එකඟ වී ඇති විශ්වාසයන් හා පුරුදුවල මූලික පදනමකි. මේවා හුදෙක්ම ඇදහිලි,භක්තිමත් විශ්වාස හා ආගමික අනුබද්දිත ආකාරයේ විවිධ වර්ගයන්ට ලගු කොට දැක්විය හැකි මනුෂික ක්‍රියාදාමයන් ලෙස දැක්විය හැක. 


ඇදහිලිවන්තයන්ගේ ආගම් ආගමික ස්ථාන, පල්ලි, ආගමික සංවිධාන, ආගමික කණ්ඩායම්, ගෝත්රිකයන්, සංස්කෘතීන් ලෙස බෙදී යයි.

ලෝක ජනගහනයෙන් සියයට 75 ක් පමණ වැඩියෙන්ම වැලදගෙන ඇත්තේ 4,300 කට අධික ආගම් අතරින් ආගම් පහකි

 ඒවා නම් 

  1. බුද්ධාගම, 
  2. ක්‍රිස්තියානි ආගම,
  3. හින්දු ආගම, 
  4. ඉස්ලාමය 
  5.  යුදෙව් ආගමයි.



මේ අතරින් ක්‍රිස්තියානි ධර්මය සහ ඉස්ලාම් යනු ලොව පුරා වැඩියෙන්ම පැතිර ඇති ආගම් දෙකයි. එමෙන්ම ලෝකයේ සමස්ත ජනගහනයෙන හරි අඩකට වඩා වැලදගෙන ඇත්තේද ක්‍රිස්තියානි ධර්මය සහ ඉස්ලාම් ධර්මයයි.

ලොව කිසිම ආගමක් වැලද නොගත් පිරිස එක් ආගමික කුලකයක් ලෙස ගතහොත් එයම ආගමික කුලකය විශාලත්වයෙන් ලොව තුන්වන ආගමික කොට්ටාසය ලෙස දැක්වියහැක.

ලොව වඩාම ප්‍රචලිත ආගම් 10 සහ එවායේ අනුගමිකයින් ප්‍රමානයන් පහත ආකාරයෙන් දැක්විය හැක.
  1. ක්‍රිස්තු ධර්මය                     (බිලියන 2.1 කි)
  2. ඉස්ලාම්                            (බිලියන 1.3)
  3. ආගමික නොවන                (අනාගමික) (බිලියන 1.1 ක්)
  4. හින්දු ආගම                       (මිලියන 900)
  5. චීන සාම්ප්‍රධායික ආගම       (මිලියන 394)
  6. බුද්ධාගම මිලියන               (මිලියන 376)
  7. ආදිකල්පික ස්වදේශීය        (මිලියන 300)
  8. අප්‍රිකානු සාම්ප්‍රධායික සහ ඩයස්පෝරික (මිලියන 100)
  9. සික් දහම                         (මිලියන 23)
  10. ජුසේ                               (මිලියන 19)