Tuesday, October 30, 2018

ජංගම දුරකථනයේ ආරම්භය

ඉස්සර තිබුනේ නැති දැන් නැතුව බැරි ජංගම දුරකථන.

බොහෝ කලකට පෙර මුල්ම ජංගම දුරකථන "කාර් දුරකථන" ලෙස සැලකේ. මක් නිසාද යත් එම ජංගම දුරකථන පදධතියේ විශාලත්වය අතේ හෝ පසුම්බියක රදාවා තබා ගැනීමට  හැකි මට්ටමට වඩා වැඩි වූ බැවිනි.

1922 දී චිකාගෝ පොලිස් නිලධාරීන් ජංගම කාර් රේඩියෝ පද්ධතියක් ආදාරයෙන් පනිවිඩ හුවමාරු කරගෙන ඇත. මෙය සංකල්පීය ජංගම පනිවිඩ හුවමාරුවක් ලෙස හැදින්විය හැක.



කාර් ෆෝන් සංකල්පයෙන් ඔබ්බට ගොස් අතේ රැගෙන යා හැකි අන්දමට දුරකථනයක් නිශ්පාදනයට 1970 දී ඇමරිකානු ඉන්ජිනේරුවකු වන මාටින් කූපර් සමත් වන අතර කාලයාගේ ඇවෑමෙන් 1983 දී මෝටරෝලා ඩයිනාටැක් 8000x ( Motorola DynaTAC 8000x) වෙළඳපලට නිකුත් කරනු ලැබීය. එය ලෝක ඉතිහාසය තුල වෙලද පලට අතේ ගෙනයා හැකි දුරකථනයක් නිකුත් වූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාස ගත වේ.















                    Martin Cooper                             Motorola DynaTAC                                                                   8000x




No comments: